ඔයාගේ රවුටරේ ඩේටා ඉතුරු කරගමු

ඩේටා දන්සල් එහෙම වැදලා එන ශ්‍රීලාංකික සහ අනෙක් හැමදෙනාවම අයුබෝවන් කියල අදත් සාදරයෙන් පිලිගන්නවා Make.lk එකට.අද කියන්න යන්නේ ඩේට ඉතුරු වෙන විදියට ඇඩ්ස් බ්ලොක් කරන්නේ කියලා.

හුගක් දෙනෙක් adblock කරන සොෆ්ට්වෙයර් පාවිච්චි කරනවත් ඇති.ඒ උනාට ඒවෙන් වෙන්නේ පෙන්නන image එක hide කරනඑක විතරයි.සරලවම අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලේ වහන සිද්දියක් තමා එතන වෙන්නේ.

ගොඩක් වෙලාවට ඔයාගේ කම්පුටරේ ඔයාටත් නොදීම ඔක්කොම ඩේටා ඉවර කරන්නේ හරියට ඉතියෝපියාවට ගිහින් ආපූ ලංකාවේ දේශපාලකයෙක් වගේ😂.(අපහාසයකට නොවේ).

මෙහෙම ඩේටා ඉවරවෙන්න මේ ඇඩ් හුගක් දුරට බලපානවා.මොකද අපි යන හැම වෙබ්සයිට් එක්කටම වගේ බැනර් කට්වුට් එහෙම ගහලානේ ඉතින් තියෙන්නේ😂.(නැත්තං සයිට් එක හුලංවලින් දුවන්නයෑ).

ඔන්න ඔය එක එක ඇඩ් ජාති ඔක්කොම මම කියන ක්‍රමේට අයින් කරන්න පුලුවන්.හැබැයි මේකෙත් පොඩී කොස්සක් තියෙනවා!..

Disadvantage -:

මෙන්න මේකයි සීන් එක.ඔයා මෙහෙම ඇඩ් බ්ලොක් කරහම ඔයාත් එහෙම ඇඩ් පබ්ලිශර් කෙනෙක් නං ඔයාට ඒ පැනල් එකට ලොග් වෙන්න තියා සයිට් එකට යන්නවත් දෙන්නේ නෑ.(ලංකාවේ ෆේස්බුක් තහනම් කාලේ වගේ – හැබැයි ඒ කාලේ හොරෙන් පාවිච්චි කරපු විපිඑන් ඔට්ටුත් නෑ ).එතකොට වෙන්නේ රසයි ගුණයි අඹ අඹ කියලා පොස්ට් එක ඇතුලේ මේ වගේ promote කරන්න තමා ඉතිම්.(පොස්ට් එක අවසානයේ උත්තරයක් තියෙනවා).

කොහොමෙන් කොහොම හරි අද ලිපිය ඔන්න දැන් පටන් ගන්න යන්නේ 🚥.

මුලින්ම ඔයාගේ රව්ටරේට connect වෙන්න ඕනි.ඊට පස්සේ 192.168.1.1 ඔහොම address bar එකේ ගහන්න.(ඩොන්ගල් වලට සහ මොබයිල් නෙට්වර්ක් වලට මේක හරියන වැඩක් නෙවේ😉)

දැන් එන තැනින් රවුටරේට ලොග් වෙන්න.

දැන් DNS settings වලට යන්න. මගේ කනෙක්ෂන් එක Adsl ඉතින් මගේ ඔය සෙටින්ග්ස් තියෙන්නේ

Interface Setup > LAN > යටම DNS

හරි දැන් එතන තියෙන DNS Relay වල use user discover dns …. කියලා තියෙන ඔප්ශන් එක තෝරන්න.

දැන් යට ip address දෙක primary සහ secondary dns servers විදියට දෙන්න.

176.103.130.130

176.103.130.131

දැන් save කරන්න.

දැන් මේ සයිට් එකට ගියහම මේ යට තියෙන පින්තූරේ වගේ පෙන්නනවනං ඔයාගේ dns settings හරියට වැඩ කරනවා!!.

https://adguard.com/en/adguard-dns/overview.html

ඔයාට adult site එහෙම බ්ලොක් කරන්න ඕනේ නං

176.103.130.132

176.103.130.134

කියන ip address දෙක දෙන්න.

දැන් කියන්නං කොහොමද ඇඩ් පබ්ලිශර්ලා adnetwork එකට යන්නේ කියලා.ඔයාට එහෙම යන්න උවමනා වෙලාවට dns settings වල user auto discovered … option එක තෝරලා යන්න.(18+ ඒවටත් එහෙමයි).

දැන් ඉතින් ඔයාලා රිසි සේ ඉන්ටර්නෙට් යන්න.(ඇඩ් වලට ගිය ඩේටා ටික විතරයි ඉතිරි වෙන්නේ හොදේ)

නිහතමානි ශ්‍රීලාංකිකයන් විදියට මේ පෝස්ට් එක තව කෙනෙකුට බලන්න යට තියෙන සෝශල් මීඩියා වල ශෙයර් කරන්න.සහ මේ ලිපිය ඔයාලා කොහේ හරි කොපි කරනවනං අපේ නමවත් අඩුම තරමේ යටින් ලියන්න.ඒ නැතත් යාලුවන්ටත් මේ ගැන කියන්න.✌️✌️👋👋👋👋👋🙌🙌

2 Comments

  1. නියම වැඩක් !!!.. දිගටම කරගෙන යමු මචන්.. !!

Leave a Reply