පළමු ලෝක යුද්දය මවිත කල Super Gun ගැන කතන්දරේ

1918 මාර්තු 22 පළවෙනි ලෝක යුධ සමයක දවසක පැරිස් නුවර එකපාරටම පිපිරීමක් වුණා. “ මෙච්චර ඈතින් තිබිලත් පැරීසියට කොහොමද යුද්ධය ආවේ ? ” කියන එක හැමෝටම ලොකු ප්‍රශ්නයක් උනා.

සමහරු අහසේ යන ජර්මානු planes බලන්න එළියට බැස්සා. මොකද තමන්ට සතුරු ජර්මනියේ සටන් පෙරමුණ තිබුණෙ 120km ක දුරකින්.මෙච්චර දුරක් පැරීසියට ඇවිල්ලා පහර දෙන්න වෙන ක්‍රමයක් නෑ.

නමුත් කිසිම ජර්මානු plane එකක් අහලකවත් තිබුණේ නෑ !.ඉතිං.. ප්‍රංශ ආරක්ෂක අංශ දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් දියත්කළා. මෙයාලා හිතුවා පුංචි ජර්මානු කාලතුවක්කු භට කණ්ඩායමක් හැංගිලා ඉඳලා ප්‍රහාර එල්ල කරනවා කියලා.

ඒත් මැස්සෙක් වත් හම්බුනේ නෑ. ඉතිං වෙන්න පුළුවන් එකම අඳුරු යථාර්තය හැමෝටම තේරෙන්න ගත්තා.

ඒ තමයි හිතාගන්න බැරි range එකක් තියෙන ජර්මානු Supergun එකක් !

ජර්මනියේ Krupp සමාගමෙන් නිපදවූ paris gun එක

ජර්මානුවෝ ඉතාමත් සූක්ෂම විදිහට Supergun එකේ සද්දෙන් ඒක තියෙන ස්ථානය හොයාගන්න බැරිවෙන විදිහට…ඒක අවට සාමාන්‍ය කාලතුවක්කු වලිනුත් සද්දෙට ප්‍රහාර එල්ල කළා.

ඒ වගේම රේල්පාරවල් හදලා නිතරම Supergun එකේ ස්ථානය වෙනස් කළා.

ඒ නිසා මොන තරම් ප්‍රහාර එල්ල කළත් මේ Supergun එක විනාශ කරන්න කාටවත් හැකි උනේ නෑ.

හොඳ වෙලාවට පළවෙනි ලෝක යුද්ධය අවසාන උනා. එහෙම නැති වෙන්න අද අපිට බලන්න පැර්සීයක් ඉතුරු නොවෙන්නට ඉඩ තිබුණා කාටවත් බැරි Supergun එක ජර්මානුවෝ හැදුවා කියලා හිතපු එක ඒ තරම් පුදුමයක් නෙවෙයි.

මොකද ජර්මානුවෝ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම වැඩකරුවෝ !

නට්සීන් විසින් පලකරපු දුම්කොල විරෝධී දැන්වීමක්

දුම්පානයෙන් පෙනහලු පිළිකා හැදෙන බව ලොවට හෙළි කළේ නට්සි (Nazi) විද්‍යාඥයෝ තමයි.

පලවෙනි වතාවට අවු 18න් පහල අයට දුම්බීම තහනම් කරලා,බීමතින් රියපැදවීම තහනම් කළා.

යුරෝපයේ ඒ කාලේ තිබ්බේ කැලෑ එළි කරලා ශිෂ්ථාචාරගත කරන කලාවක් නමුත් එහෙම කළොත් මිනිස්සුන්ට පුක් වෙන හැටි ලෝකෙට පෙන්නලා, වන සංරක්ෂණය කරලා, සතුන් දඩයම නියාමනය කරන්නෙත් මෙයාලම තමයි. අද අපිට මේ සංකල්ප සාමාන්‍ය දෙයක් උනාට ඒ කාලේ නට්සි ජර්මානුවන් දශක ගණනක් ඉදිරියෙන් හිටියා.

කොටින්ම ජර්මානු විද්‍යාඥයෝ ඉංජිනේරුවන්ගේ මහිමය දකින ඇමරිකාව World War 2 ඉවර වෙන්නත් කලිං ඒ අයව මෙහෙයුමකින් (Operation Paperclip) රහසේ ඇමරිකාවට පන්නගෙන පුරවැසිභාවය දීලා වැඩ ගන්නවා.

Operation Paperclip මඟින් ඇමරිකාවට රහසේ ගෙනාපු විද්‍යාඥයන්, ඉංජිනේරුවන් මෙහෙම ආපු Wernher von Braun තමන්ගේ ජර්මානු V2 රොකට් ආකෘයෙන් හදපු රොකට් එකකට පින්සිද්ධ වෙන්න තමයි……ඇමරිකාවෙ. සෝවියට් රුසියාව පහු කරගෙන ඇමරිකාව රොකට් එකක් වගේ ඉදිරියට යන්නේ

Von Braun එයා හදන්න උදව් වුණ ඇමරිකානු Saturn V rocket engines සමඟ මේව ඉතිං වෙනමම කතා කරන්න වටින රසවත් කතන්දර තමයි

ආයෙත් කතාවට එමුකෝ………

ඉතිං World War I න් පස්සේ පැරීසිය භීතියෙන් මුළුගන්වපු මේ බිහිසුණු ආයුධ ගැන ටිකෙන් ටික ආරංචි එන්න ගත්තා.

මේකට 106kg උණ්ඩ 42.3km උසට යවන්න (ප්‍රක්ෂේපනය කරන්න) පුළුවන්කම තිබුණා. ලෝකෙ කවුරුත් මීට කලින් ඒ තරම් උසකට දෙයක් ප්‍රක්ෂේපනය කරලා තිබුණේ නෑ වර්ථමානයේ සාමාන්‍ය මගී ගුවන් යානා යන්නෙත් මීට අඩු (11km වගේ) උසකින් ඕං තත්වේ ? අවුරුදු 24 කට පස්සේ මේ record එක ආපහු කැඩුවෙත් ජර්මානුවෝම තමයි. ඒ අර කලින් කියපු Von Braun ගේ V2 rocket එකෙන්.

මේ Supergun එකේ අති විශාල ප්‍රක්ෂේපන උස නිසාම උණ්ඩ වැටෙන ස්ථානය ගණනය කරන්න නං ගෝලේ කැරකීම (Coriolis effect)පවා සැළකිල්ලට ගන්න උනා. කිලෝමීටර් 130 ක range එකක් තිබුණු මෙයින් Supergun 3 ක් ජර්මනියේ Krupp කියන සමාගමෙන් හදලා තිබුණා. 1 ක් පිපිරිලා විනාශ වුණා නමුත් යුද්ධයෙන් පස්සේ, ඉතිරි 2ට වුණෙ මොකක්ද කියන හොයාගන්න බැරි වුණා. එක තාමත් නොවිසඳුනු අභිරහසක් !

මේ සමාගම වර්ථමානයේත් අධි තාක්ෂණික සබ්මැරීන පවා හදනවා. නට්සි සබ්මැරීන (U-Boat) මඟින් ඇමරිකානූ, බ්‍රිතාන්‍ය යුධ නැව් සිය දහස් ගණනින් ගිල්ලපු හැටි කියන්න මෙතන ඉඩක් නෑ

ජර්මනියේ පිහිටි ThyssenKrupp සමාඟමේ head office එක

පලවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ-ත් ජර්මනිය රහසේම Supergun එක වැඩි දියුණු කළා. කාලතුවක්කුවකින් උණ්ඩයක් පිට කරද්දි වෙන්නේ ආරම්භක පිපිරුමකින් උණ්ඩය තල්ලු කිරීමක් වගේ වැඩක්. ඉතිං ගොඩක් දුර යන්න නං බලසම්පන්න පිපිරුමක් ඕනෙ. හැබැයි එහෙම පිපිරීමකදී කාලතුවක්කු බටය (බැරල් එක) පුපුරලා විනාශ උනත් වෙන්න පුළුවන් ඒ නිසා කැටපෝලෙකින් ගලක් විදිද්දි වගේ…ටිකෙන් ටික වේගය වැඩි කරන ක්‍රමයක් ජර්මානු නාසි විද්‍යාඥයෙක් (August Cönders) ට කල්පනා වෙනවා මුලින් පුංචි පිපිරුමකින් උණ්ඩය චලනය කරලා, උණ්ඩය බැරල් එක දිගේ යද්දී ඒ ඒ ස්ථාන වලින් වෙන වෙනම පිපිරීම් වලින් තල්ලු කරලා වේගය වැඩි කරොත්…. වැඩේ ගොඩ නේද කියන එක මෙයාට හිතෙනවා (cascade explosion). මේ තාක්ෂණය භාවිතා කරලා නට්සි විද්‍යාඥයෝ සාර්ථකව V3 cannon එක හදනවා.

ජර්මානුවෝ ඒ වගේ කාලෙක, උණ්ඩය එනකොටම බැරල් එකේ ඒ ඒ තැන් වල අන්තිම මිලිතප්පරේට time කරලා explosions කළේ කොහොමද කියන එක අදටත් කාටවත් හරියටම හිතාගන්න බෑ. ඉතිං World War II එකේදී ප්‍රංශය සම්පූර්ණයෙන්ම අල්ලගන්න ජර්මනිය සමත් වෙනවා. එහෙම අල්ලගෙන, එංගලන්තයේ නුවරටමඑල්ල කරන්න බලාගෙන ප්‍රංශ වෙරළට සමීපයේ පොළොව යට මේ v3 cannon එක හදාගෙන යනවා.

මේකෙ වැඩට මිනිස්සු 1200 ඕන වෙනවා. උණ්ඩ ආදී supplies ගේන්න වෙනමම රේල්පාරවල් හදනවා. ඉතිං මේ සුනු විසුණු ආයුධයෙන් ලන්ඩනයේ ඉරණම විසඳෙන හැටි දකින එංගලන්තය.. Supergun එක විනාශ කරන්න සැළසුම් කරනවා. ඒත් මතුපිටින් බෝම්බ දාලා නං හරියන්නේ නෑ. මේකේ මුළු structure එකම තියෙන්නේ පොළොව යට.

ජර්මානුවන් ප්‍රංශයේ Mimoyecques හි පොළොව යට සෑදූ v3 cannon එකෙහි සැළැස්ම

නමුත් වාසනාවකට එංගලන්තයට අලුත් අදහස් තියෙන මිනිසුන්ගෙන් අඩුවක් තිබුණේ නෑ.මේ අභියෝගයට සාර්ථක විසඳුමක් දෙන්න පුළුවන් බෝම්බ විශේෂඥයෙක් ඒගොල්ලන්ට හිටියා.

එංගලන්තයේ විදාඥයෙක් බෝම්බ විශෙෂඥයෙක් වන Barnes Wallis

පොළොව මතුපිට පුපුරන බෝම්බයකට වඩා, පස් වලට කිඳා බැහැල පුපුරන බෝම්බයකින් මෙයා නිර්මාණය කරනවා. එතකොට ඇතිවන භූමිකම්පාවකින් underground structure කක් සුන්නද්දූලි කරන්න පුළුවන් බව Barnes Wallis සාර්ථකව ගණනය කරනවා මෙයා මේකටම විශේෂ…. පොළොවට කිඳා බහින්න ලේසි හැඩතලයකින් බෝම්බයක් නිර්මාණය කළා

භූමිකම්පා බෝම්බය බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසින් පහර දෙන්න රැගන යන අවස්ථාවක්

ඉතිං ඒකෙ පිහිටෙන් 1944 ජූලි 6 වන දා බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව හිට්ලර් ගේ Underground.. Supergun එක කෑලි වෙන්න ගුවනින් බෝම්බ හෙලනවා….ඒකේ වැඩ කරපු මිනිස්සු පොළොව යට පන පිටින් වැළලෙනවා. ලන්ඩන් වැසියෝ සැනසුම් සුසුම් හෙලනවා.

Supergun වල කතන්දරේ පුරාවෘතයක් (legend එකක්) විදිහට අතීතයට එකතු වෙනවා. ලෝකය සදහටම මේ බිහිසුණු ආයුධයෙන් බේරුනා කියලා තමයි හැමෝම හිතං හිටියේ. ඒත් කවුරුත් නොහිතපු විදිහට අවුරුදු 21 කට පස්සේ, Supergun වල අවසාන පරිච්ඡෙදය අත්ලාන්තික් සාගරයෙන් එහා කැනේඩියානුවෙක් අතින් රඟදැක්වෙන්න දෛවය සූදානම් කරලා තිබුණා.

1965 දී ජර්මනියෙන් ඉඳන් කාන්තාවක් බෑග් එකක් අරගෙන කැනඩාවට එනවා. ඒ කාන්තාව එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. කලින් කියපු Krupp සමාගමේ අධ්‍යක්ෂ කෙනෙකුගේ (Fritz Rausenberger) නෑදෑයෙක්. බෑග් එකේ තිබුණේ සදහටම පොළොවේ වැළලී ගියපු Supergun වල සැළසුම් (blueprints).

දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ හොයාගැනුනු නාට්සි ජර්මානුවන්ගේ තාක්ෂණික රහස් රැගත් ලියකියවිලි

ඇය මේ සැළසුම් ගෙනිහිල්ලා දුන්නේ කැනඩාවේ හිටපු විශිෂ්ථතම ඉංජිනේරුවෙක් වන ආචාර්‍ය Gerald Bull ට. Gerald Bull කියන්නේ අවුරුදු 23 දී Ph.D එකක් ලබාගත්තු කෙනෙක්.ඒ තරම් අඩු වයසකින් Ph.D එකක් ගත්තු කෙනෙක් එකල කැනඩාවේම හිටියේ නෑ.

Gerald Bull විසින්ම මිසයිලයක ආකෘතියක් ගුවන් ගත කරන්න හදන හැටි

සමහර ආචාර්‍ය උපාධිධාරීන් පන්ති කාමරයට කොටු වෙද්දී… දේවල් තනන්න, එලිමහනේ අත්හදාබලන්න මෙයා වැඩි වැඩියෙන් උනන්දු වෙනවා.

Gerald Bull පස්සේ කාලේක ලෝකයේ මුල්පෙලේ ballistics expert කෙනෙක් වෙනවා. කොටින්ම ඇමරිකානු රජය එයාට පුරවැසිභාවය පිරිනමනවා. ඉතිං Krupp Supergun එකේ blueprints උදව්වෙන්, ඒ කාලේ නට්සීන් ගේ ගණනය කිරීම්…. නවීන විද්‍යාවට අනුව මෙයා re-calculate කරලා පොතකුත් එළි දක්වනවා එහෙම කරලා ඇමරිකාවෙයි කැනඩාවෙයි උදව් ඇතුව Gerald Bull, එකල තිබුණු විශාලතම Supergun එක හදනවා (project harp).

Project HARP තුවක්කුව

මේකෙන් දුරට 90kg උණ්ඩ යවන්න එයා බලාපොරොත්තු වෙනවා. නමුත් හිටිහැටියෙම ඇමරිකාවයි කැනඩාවයි මේ project එකට funds දෙන එක නවත්තනවා. මේකෙන් Gerald Bull ට කරකියාගන්න දෙයක් නැති වෙනවා. කට්ටිය කිව්වේ Gerald Bull එයාගේ Supergun සිහිනය හැබෑකරගන්න තමන්ගේ ආත්මය යක්ෂයාට උනත් උකස් කරන්න ලෑස්ති කියලා.

හිතුවා වගේම 1988 දී Gerald Bull ට තමන් හොයන යක්ෂයා හම්බෙනවා. ඒ තමයි අපි හැමෝම දන්න Saddam Hussein !

ඒ කාලේ Saddam Hussein ඉරානයත් එක්ක ලොකු යුද්ධයකට පැටලිලා හිටියේ. ඒ වගේම ඊශ්‍රායලය තමන්ගේ න්‍යෂ්ථික ව්‍යාපෘතිය (Tamuz reactor එක) විනාශ කිරීම ගැන කේන්තියෙන් හිටියේ. ඉතිං මෙයා Gerald Bull ට ආරාධනා කරනවා Supergun එකක් හදන්න කියලා.

Saddam ගාව රුසියාවෙන් ගෙනාපු SCUD මිසයිල ඕනෑ තරම් තිබුණා. “ මිසයිල තියෙන කාලෙක උණ්ඩ මොකටද? ” කියලා කියවන ඔයාලට හිතේවී.

නමුත් මිසයිලයකට වඩා උණ්ඩ ඉතාම ලාභයි. උණ්ඩ වලට අධි තාක්ෂණික guidance systems ඕනේ නෑ. මිසයිලයක් තවත් මිසයිලයකින් පුපුරවන්න(intercept කරන්න) පුළුවන්. උණ්ඩයක් එහෙම intercept කරන එක ලේසි වැඩක් නෙවෙයි. වරුසාවක් වගේ දහස් ගණනින් නගරයකට උණ්ඩ පාත් වෙන්න ගත්තොත් දෙවියන් වහන්සේට වත් ඒ නගරේ බේරගන්න නං ලැබෙන්නෙ නෑ! ඉතිං ඉරාක භූමියේ තිබුණු බැබිලෝනියානු ශිෂ්ඨාචාරයේ අරුතින් මේ Supergun ව්‍යාපෘතිය Project Babylon කියලා නම් කළා.

බෑග්ඩෑග් නුවරට 145km උතුරින් පිහිටි Jabal Hamraryn වල පිහිටි baby babylon තුවක්කුව

මුලින්ම Gerald Bull, Supergun එකේම පුංචි ආකෘතියක් (Baby babylon) හදලා අත්හදාබැලීම් කළා. මොකද තමන්ගේ ලොක්කා Saddam. ලොකු ලොකු වැඩ කරන්න ගිහිල්ලා වැරදුනොත් මකබාස් කිඹුලන්ට කන්න දැම්මා වගේ තමයි.

නමුත් කලින් කියපු HARP Gun එක හදපු මෙයාට මේක ගේමක් වෙන්නෙ නැහැ. Gerald Bull අතින් සාර්ථකව නිමවුන Baby Babylon තුවක්කුව ගිගුම් දෙද්දී ඒකේ ක්‍රියාකාරීත්වය ගැන ඉරාක බලධාරීන් විශ්මයෙන් ඇලලී යනවා. ඒ නිසාම Saddam Hussein, 150m දිග, ටොන් 2100 බර, තනිකර 1 පළලින් යුතු අති දැවැන්ත උණ්ඩ සහිත, ලෝකයේ තියෙන විශාලතම Supergun එක Gerald Bull ගෙන් ඉල්ලා සිටිනවා. ඉතිං මේකට ඕන කරන කොටස්, තෙල් ව්‍යාපෘතියකට ඕන කරන පයිප්ප විදිහට Gerald Bull එංගලන්තය, ස්පාඤඤය, නෙදර්ලන්තය සහ ස්විට්සර්ලන්තය ආදී සමාගම් වලින් සැක නොහිතෙන විදිහට වෙන වෙනම ඇණවුම් කරනවා.

තෙල් පයිප්ප ලෙස රේගුවට ප්‍රකාශ කරලා ගෙනියපු Super gun එකේ බැරල් එකේ කොටසක්

තමන්ගේ පැත්තට එල්ල කරමින් කාන්තාරයේ ඉදිවෙන මේ බිහිසුණු ආයුධය ගැන ඊශ්‍රායලයේ කාර්‍යක්ෂම බුද්ධි අංශයට(Mossad) මුලදීම ඉව වැටිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, Gerald Bull ඉරාක හමුදාවට විශේෂ කාලතුවක්කු ජාති දෙකකුත් (Al-Majnoon සහ Al-Fao)හඳුන්වා දුන්නා. ඒ වගේම පවතින කාලතුවක්කු වැඩි දියුණු කලා. ඒවට දාන්න range, accuracy වැඩි උණ්ඩ (shell) design කළා.

“ ඉරාක කාලතුවක්කු ඇමරිකානු ඒවටත් වඩා ඉහලද? ” කියලා මාධ්‍යවේදීන් අහනකොට ඇමරිකානු හමුදා මාධ්‍ය ප්‍රකාෂකයොන්ට දෙන්න උත්තර නැති උනා. Gerald Bull තනියෙම ඉරාක හමුදාව පියවර කිහිපයකින් ඔසොවලා තිබුණා මේ වැඩිදියුණු කරපු ඉරාක ආයුධ වලින් ඉරානය සෑහෙන්න බැට කෑවා.

ඉරාන ඉරාක යුද්ධයේදී මියගිය සෙබලෙක්

ඉරානය වගේම ඊශ්‍රායලය කියන්නේ කලාපයේ හොඳම බුද්ධි අංශ තියෙන රටවල් දෙකක්. ඒ වගේම මැදපෙරදිග අවි තරඟයක් (arms race එකක්)ඇති වෙනවට ඇමරිකානු (CIA) සහ බ්‍රිතාන්‍ය (MI6)බුද්ධි අංශත් කැමති වුණේ නැහැ.

තමන්ගේ සතුරන්ගේ අතට පත් වෙනවට වඩා Gerald Bull ට තමන්ගේ රටට ඇවිල්ලා වැඩ කරන්න කියලා ඊශ්‍රායල දිගින් දිගටම ඉල්ලුවත් එයා ඒ හැම සැරේදීම ප්‍රතික්ෂෙප කරනවා. ඉතිං ලෝකයේ ප්‍රමුඛතම බුද්ධි අංශ සතුරු කරගත්තු මිනිහෙක්ට මේ ලෝක ජීවත් වෙන්න ඒ තරම් කාලයක් ඉතුරු වෙන්නේ නැහැ.

කිව්වත් වගේ 1990 මාර්තු 22 බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර එයා හිටපු apartment එකේදී තුවක්කු කරුවෙක් අතින් Gerald Bull ඝාතනය වෙනවා. ඒ අපරාධකරුවන් කිසිම සළකුනක් නැතුව අතුරුදහන් වෙනවා. ගොඩක් අය මේක Mossad එකේ ගිණුමට බැර කලත් ඇත්තටම කවුරු විසින් කළාද කියන එක අදටත් නොවිසඳි ඉතිරි වෙනවා.

බැග්ඩෑග් නුවර සිට 45km විතර දුරින් පිහිටි Al-Iskanderiya ප්‍රදේශයේ තිබෙණ Supergun එකේ කොටස්

Babylon ව්‍යාපෘතියේ වැඩකරපු ඉංජිනේරුවන් ලෝකය පුරා සීසීකඩ විසිරිලා යනවා. ඒ අයට Supergun එකේ..එක් එක් කොටස් ගැන දැනුමක් තිබුණත් ඒ කොටස් එකට පුරුද්දන master plan එක තිබුණේ Gerald Bull ගේ ඔළුව ඇතුලේ ! හිතුවා වගේම Saddam ගේ Supergun සිහිනය බොඳවෙනවා. 2003 දී ඉරාකය ආක්‍රමණය කරන ඇමරිකාවට (Al-Iskanderiya) කාන්තාරයේ දූවිලි කමින් තියෙන Babylon දැවැන්තයාගේ කොටස් දකින්න ලැබෙනවා.

Gerald Bull ගේ අවසන් කටයුතු

ඉතිං Gerald Bull ගේ අවසන් කටයුතුත් එක්කම, එදා ඉඳන් අද වෙනකම් ම මරණය ගෙනාපු ජර්මනියේ නවීන Supergun එක තමන්ගේ අවසන් බිල්ලත් එක්ක මේ විදිහට අවසන් ගමන් යනවා. නැවතත් Supergun එකකට පණ දෙන්න පුළුවන් විද්‍යාඥයෙක් ලෝකෙට බිහිවෙනකම් කිසිම සළකුණක් නැතුව මහළු කාන්තාවගේ බෑගයේ ආපු blueprints අතුරුදහන් වෙනවා එදා ඉඳන් අද වෙනකම් Supergun එකක් හදන්න සමත් වෙන්නේ නෑ !

එලකිරියෙන් උපුටා ගත්තකි!!.

Leave a Reply