බෝම්බ සහ යකඩ බෝල 😞💥

Science Uncategorized

හුගක් කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න හිතුනේ ලංකාවේ මේ ටිකේ තියෙන තත්ත්වයත් එක්ක මට පොඩි විවේකයක් ගන්න හම්බුන නිසා. ඒක අර්ථවත් කරගන්න හිතන් හිටියත් මේ කලබල අස්සේ මොන වැඩක්වත් හරියට කරගන්න නං බැරි උනා.ඉතින් ඒ නිසා ලංකාවේ ඉන්න Makersලා ටිකටවත් මොකක් හරි වටිනාකමක් දෙන විදියේ දෙයක් කියලා දෙන්න හිතුනා!.

මුලින්ම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

දැන් මතෘකාවෙන් ගොඩක් පිට ගිය නිසා මම කියන්නම් ඇයි මේ බෝම්බ හදන්න යකඩ බෝල ගන්නේ කියලා.

සමහරු නං දන්නවා ඇති ඇයි කියලා, කමක් නෑ මේක නොදන්න අය සදහා පමණි.

බෝම්බයක් නිකන් පිපිරෙව්වොත් ඒක නිකන් රතිඤ්ඤායක් වගේ පුපුරලා යනවා, හැබැයි මේකෙනුත් යම්කිසි හානියක් කොරන්න පුලුවනි.

හැබැයි බෝම්බයක පරම අදිටන කෙසේ හෝ සිදු වන වින්නැහිය දෙගුණ තෙගුණ කොරගන්න එක නොවෑ. ඉතින් මේකට යකඩ බෝල වලින් පොඩි උදව්වක් ගන්නවා. ඒ තමා මේ පිපිරීමෙන් නිකුත් වන විශාල ශක්තියෙන් කොටසක් මේ යකඩ බෝල වලටත් බෝම්බය විසින් ප්‍රදානය කරනවා. (යකඩ බෝලද හිස නමා එය ලබා ගන්නවා☺️ )

බෝම්බයකට කිසිම අවස්ථාවකදී තම මුලු ශක්තියම මේ යකඩ බෝල වලට දෙන්න බැහැ. මොකද මේ ශක්තියෙන් කොටසක් ශබ්දය ලෙස හානි වෙනවා.එම ශබ්දය ලෙස හානි වන ශක්තියෙනුත් සමහර අවස්ථාවලදී මිනිස් ජීවිත හෝ දේපල හානි සිද්ද වෙනවා. ඒක බෝම්බයේ ප්‍රබලතාව මත තීරනය වෙන දෙයක්.

ඉතින් කලින් කිව්වා වගේ බෝම්බයේ ශක්තියෙන් කොටසක් මේ වෙනකොට යකඩ බෝල වලට ලැබිලා තියෙන්නේ. මෙව්වා හුගක් පොඩි නිසා බරෙන් ඉතාමත් අඩුයි ඒ නිසා මේ බෝල වලට විශාල වේගයක් හම්බ වෙනවා (ගම්‍යතා සංස්ථිතියෙන්) ඒ වගේම යකඩ වලින් හදලා තියෙන නිසා කරන්න පුලුවන් හානිය වැඩියි.ඉතින් මේ යකඩ බෝල සියල්ල එවුනට රිසිසේ ඒ මේ අත විශාල වේගයක් සහිතව විසි වන්නට පටන් ගන්නවා.

ඉතින් අවාසනාවන්ත ලෙස බෝම්බය පිපිරෙමින් මෙලෙස රටක් රාජයක් කම්පා කරවනවා, මෙවන් විපතක් නැවත් සිදු නොවේවායි මම ප්‍රාර්ථනා කරමින් අද ලිපිය අවසන් කරනවා .☺️


කතෲ අයිතිය -: චමුදිත ප්‍රභාත් ජයසේන – Make.lk


Leave a Reply

%d bloggers like this: