පොඩි කාලේ ඉදන් තිබුණ ලොකු ප්‍රශ්නයක් තමා මේ වාහනවල යට තියෙන ලොකු බෝලේ මොකක්ද කියන එක.ඉතින් ඕකට උත්තරයක් නං හම්බ උනේ මම ලයිසන් ගන්නකොට එතන උගන්නපු මහත්මයාගෙනුයි.එයා ඒක ප්‍රායෝගික යෙදීමක් සහිතවම මොකක්ද කියලා ඔප්පු කරලා පෙන්නුවා ඉතින් අද ලිපියෙන් මම ලියන්න යන්නේ මෙන්න මේ කලුබෝලේ හෙවත් ඩිෆරන්සරය ගැනයි.

ඔයාලා දැනටමත් දන්න දෙයක් තමා දාවන තරගයක හැම දාවකයෙක්ටම එකම තැනකින් ඉවර කරන්නට දෙන්නේ නෑ.මොකද ක්‍රීඩා පිටියක දුවද්දි ඔවුනට දුවන්න හම්බෙන්නේ වෘතාකාර පථයක්.ඉතින් මේ පථයේ හැම ක්‍රීඩකයෙකුටම සමාන දුරක් ලැබෙන විදියට තමා මේ සමහරුන්ට වැඩි ප්‍රමාණයක් සහ සමහරුන්ට අඩු ප්‍රමාණයක් දුවන්න හම්බෙලා තියෙන්නේ.

මෙන්න මේ දේම තමා ඩිෆරන්සරය මගිනුත් සිදුකරන්නේ.වහානයක් වංගුවක් ගන්නකොට ඒ අවශ්‍ය වේගය රෝද දෙකට ඒ අදාල අනුපාතයට බෙදලා දෙන එක තමා මේ ඩිෆරන්සරය මගින් කරන්නේ. වංගුව පැත්තේ රෝදය හෙවත් කේන්ද්‍රයට ආසන්නව පිහිටි රෝදයට අඩු වේගයකුත් කේන්ද්‍රයට ඈතින් පිහිටන රෝදයට වැඩි වේගයකුත් ලබා දෙනවා.

Q. ඉතින් ඔය සමහර වෙලාවට එහෙනම් වාහන වංගු වලින් පිට පැනලා කැලේ යන්නේ ඇයි?

ඒකට හේතුව නම් අධික වේගයයි.ඕනෑම වාහනයක් වංගුවක් ගන්න පුලුවන් උපරිම වේගයක් තියෙනවා මේ වේගය ඉක්මවූ පසු ඒ වාහනය කෙලින් ගමන් කරන්න ගන්නවා.කලින් කිව්ව ඩිෆරන්සරය මගින් දෙන වේග වල අනුපාතයන් අතර වෙනස අඩු වෙන්න අඩු වෙන්න මේ වැඩේ ගොඩක් අමාරු වෙනවා.සමහරුන්ට නං ඉතිං බීමත්කම සහ නිදිමත වගේ දේවල් නිසත් කෙලවගන්න වෙලාවල් තියෙනවා🙂.

Q. ඉතින් ඕක දැන් හැම වාහනේකම තියෙනවද??

නෑ , යතුරුපැදිවල මේක නෑ, මොකද එතනදි වංගුව දෙසට යොමුවීම මගින් මේ බලය මඩපවත්වනවා.ඇත්තටම මම බලය කියලා හැදින්වූවේ කේන්ද්‍රයෙන් ඉවතට ඇතිකරන බලයයි.

ඉතින් ඔන්න ඔහොම චිරාත්කාලයක් මා හට තිබු ප්‍රශ්නය සහ ලගකදී සොයාගත් පිලිතුර ඔබත් සමග බෙදාගන්න හිතුනා🙂. තවත් ලිපියකින් හමුවන තෙක් ඔබට තෙරුවන් සරණයි🙂.

%d bloggers like this: