18 ට අඩු පොඩ්ඩන්ට කියාපු Debit card එකක්

පොඩි හිටියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා online pay කරන්න වගේ දේවල් වලට Debit card එකක් නොමැති වීම. ඉතින් අම්මට තාත්තට කරදර කරන්න වෙනවා online pay කරන්න වෙද්දි ( ඔය ප්‍රශ්නේ මටත් තිබුනා)

කාලයක් ඕකට විසදුමක් හොයද්දි අපූරූ උත්තරයක් හම්බුනා මේකට

මේ ඉන්නේ ඒ සේවා සපයන්නා. හුග දෙනෙක් දන්නවත් ඇති මේ බැංකුව (ඇත්ත කතාව නං නොදන්න කෙනෙක් නෑ)

මේ බැංකුවෙන් දෙනවා DotCom Teen Account කියලා Saving account එකක්. මේක වයස අවුරුදු 14 ට වැඩි 18 ට අඩු ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්

උඩ තියෙන විදියේ ලස්සන Visa Card එක්කුත් එයාලා issue කරනවා

දැනට මම කරපු හැම online transaction එකක්ම වගේ සාර්ථක වෙලා තියෙනවා

ඔන්න Dotcom teen account ගැන පොඩි වීඩියෝවක්

මෙතනින් ඇප්ලිකේශන් එක ගන්න -: http://www.combank.net/newweb/images/forms/Savings/form_dotcom.pdf

ඒක පුරවලා ඔයා National ID එක හරි Postal ID එක එක්ක හරි ඔය දෙකම නැත්තං ඔයාගෙ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කියලා අත්සන් කරපු පින්තූරයක් එක්ක බැංකුවට ගිහින් දෙන්න. තව දෙයක්‍ යද්දි රුපියල් 1000 ක් වත් අරන් යන්න මොකද මුලින්ම රුපියල් 1000 ක් deposit කරන්න ඕනි.

තව විස්තර ඕනි නං මේ යට ලින්ක් එකෙන් බලන්න

http://www.combank.net/newweb/en/personal/savings/dotcom-teen-account#_

Leave a Reply