රාස්ප්බරි පයි කියන නමෙන්ම මම කතාව පටන් ගන්නම්කෝ.🙂

Raspberry කියන පළතුර සහ python කියන programming language එක දෙකට එකතු කරලා තමා මේ රාස්ප්බරි පයි කියන නම හැදිලා තියෙන්නෙ.ඉතින් මේ අලුත් ගැජමැටික් එක ගැන කියනවනං මේක Credit Card එකක ප්‍රමාණයට කුඩා සහ අඩු ශක්ති පරිභෝජනයක් ගන්න උපකරණයක්🙂😍.

ඉතින් මේ කුඩා පරිගණකය පැමිනි විගස මිලියන පහක පමන පයි විකිණී අවසන් වුනා. ඒ වගේම සංස්කරණයන් කිහිපයක් මේ වන තෙක් නිකුත් කර ඇත.සුවිශේෂත්වය නම් මේ සියල්ලම ඉතා කුඩාවට නිමවීමයි.

හරි තාම මොකක්ද මේ කියලා හරියටම කිව්වේ නැනේ!.

Raspberry pi කියන්නේ ඇත්තටම Single Board Computer එකක්.(ඒ කියන්නේ පොඩි Phone එකක් වගේ). මේකට එන ඔක්කොම දෙවල් මේ Board එකටම පාස්සලා තමා ඒන්නේ(Ram , VGA Etc..) දැනට එන raspberry pi වලට 1GB Ram එකක් දෙනවා!.,ඒ කියන්නේ Arduino වගේ සිය දහස් ගුණයක බලයක් මේ රාස්ප්බරි පයි සතුයි!.:mrgreen:.රාස්බියන් සාමාන්‍යයෙන් රාස්බරිපයි තුල භාවිතයට ගැනෙන මෙහෙයුම් පද්ධතිය සහ වැඩියෙන්ම භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය ලෙස කිව්වට ඒකේ කිසි වැරැද්දක් නෑ.

මූලිකවම කියනවනං ඉතින් මේක පොඩි පරිගණකයක්ම තමා.ඒත් පොඩි පොඩි කරුණු නිසා මේකට ඒ තරමටම perform කරන්න නං බෑ.😥

හැබැයි මේ board එක පාවිච්චි කරලා ලොකු වැඩ ගොඩක් ගන්න පුලුවන්!.ඒ ගැන ආරම්භයක් විදියට මේ raspberry pi කියන්නේ මොකක්ද කියලා හදුන්වා දීම තමා මම මේ ලිපිය තුලින් බලාපොරොත්තු උනේ!. දිගටම මෙම ලිපි මාලාව බලන්න කියලා ඉල්ලමින් මම අදට මෙම ලිපියට සමු දෙනවා.ස්තූතියි!..:mrgreen:

%d bloggers like this: